
බිල් නොගෙවන රාජ්‍ය ආයතනද ඉදිරියේදී විසන්ධි කිරීමේ ලැයිස්තුවට එක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
දින 90 ඉක්මවූ පසු රාජ්‍ය ආයතනවලටද ප‍්‍රමාද ගාස්තුවක් හඳුන්වාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ ප‍්‍රකාශ කළා.
එමෙන්ම මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන දෙකයි දශම 9 ක්.
එම සංඛ්‍යාවෙන් අති බහුතරයක් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සිය මාසික බිලෙන් සියයට 50 ක් පමණ ගෙවා දැමීමට පුරුදු වී ඇති බවයි ජල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.