
ඩෙංගු අධි වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ ප‍්‍රවණතාවක් සමඟ එම තත්වයට පිළියම් සෙවීම සඳහා විශේෂඥ වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඒ සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එහි ප‍්‍රධානත්වය දරණු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.
එමෙන්ම පාසල් තුළ ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත චක‍්‍රලේඛයක් නිකුත්කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් ප‍්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පසුගියදා පළාත් ආණ්ඩුකාරවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු අදාල චක‍්‍රලේඛය නිකුත් කිරිමට තීරණය කළ බවයි.