
තිරිඟු පිටි සඳහා රුපියල් විස්සක පමණ බද්දක් පනවා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල තවදුරටත් අඩුවීමේ ප‍්‍රවණතාවක් පවතින හෙයින් දේශීය වෙළඳපොලේ මිලට මෙමඟින් ප‍්‍රබල බලපෑමක් එල්ල නොවන බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.
එමෙන්ම ආනයනික සීනි කිලෝවක මිලද මේ වනවිට රුපියල් 30 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඉන්දියාවෙන් සීනි ආනයනය සඳහා ලබාදුන් සහනය අවසන් වී ඇති බවයි.
ඒ අනුව වෙනත් රටවලින් සීනි ආනයනයේදී පිරිවැය සැළකිය යුතු ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා.