
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ තීරුබදු සහනය ඉවත් කිරීම සහ අනෙකුත් පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම තීරුබදු සහන යටතේ ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීමේ කාලසීමාවද අවසන් වී තිබෙනවා. ඒ හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කෙරෙන අතර, කිලෝවක මිල රුපියල් 25 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.
කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ ප‍්‍රකාශ කළේ තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කරන බවයි. එමඟින් මිල ඉහළ දැමීමක් සිදු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
එහෙත් පසුගිය සතියේ වෙළඳපොලේ රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති තිරිඟු පිටි කිලෝවක මිල, අද වනවිට රුපියල් 240 ත් 290 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එමෙන්ම සුදු සීනි කිලෝවක මිලද පසුගිය සතියේ පැවතුණේ රුපියල් 190 ත් 210 ත් අතර මිලකයි.
එහෙත් අද වනවිට සතොස සහ සුපිරි වෙළඳසැල් ජාලයන්හි සුදු සීනි මිල ගණන්ද රුපියල් 245 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.