
කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇති බව ප‍්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ දැරියගේ මරණයට අදාළ නඩුව අද කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්ධු නැමැත්තා එහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීතා හේමමාලි නියෝග කළේ ඔහුව පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමටයි.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා සියලූ කරුණු පොලීසිය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත් එය සියදිවි නසාගැනීමක් බැවින් සිය සේවාදායකයාට රැඳවුම් නියෝග ලබාගන්නේ ඇයිද යන්නත් සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණයේදී ප‍්‍රශ්න කළා.
පොලිසිය එහිදී ප‍්‍රකාශ කළේ සැකකරු මියගොස් ඇති දැරිය සමඟ හෝටලය තුළ එකට මත්පැන් පානය කරමින් සිට ඇති බවයි. එමෙන්ම තවදුරටත් සැකකරු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් කර නොමැති බැවින් ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කළ යුතු බව පොලිසිය සඳහන් කළ අතර ඒ අනුවයි අදාළ අවසරය හිමිවුණේ.
මේ අතර මියගිය දැරියගේ ජංගම දුරකථනය සොයා තවදුරටත් විමර්ශන සිදුකෙරෙනවා. පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ දැරියගේ ජංගම දුරකථනය හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව පවතින බවයි. දැරිය සමඟ හෝටලයට පැමිණි ඇගේ මිතුරියගේ පෙම්වතා විසින් ජංගම දුරකථනය කළු ගඟට විසිකර දැමූ බවට විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.
එමෙන්ම මියගිය දැරිය සමඟ හිතවත්කමක් පැවැත්වූ බව පැවසෙන කළුතර ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන්ද මේ වනවිට පොලිසිය ප‍්‍රකාශ ලබාගනිමින් සිටිනවා. ඒ දැරිය හෝටලේ රැඳී සිටින අවස්ථාවේදී ඇයගේ ජංගම දුරකථනයට ලද දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන්.