
අත්අඩංගුවට ගත් පාකිස්තානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 08 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ විරෝධතා හේතුවෙන් පන්ජාබ් ප‍්‍රාන්තයේ පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැණුනා.
විදෙස් වාර්තා සඳහන් කළේ, විරෝධතා අතරතුර පුද්ගලයින් 130 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
මෙම විරෝධතා පාලනය කිරීම සඳහා එරට අන්තර්ජාල සේවාවන්ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරින් කටයුතු කළා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත ඊයේ පැමිණි අවස්ථාවේදියි ආරක්ෂක අංශ විසින් හිටපු පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේ.