
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිිංහ අතර සාකච්ඡාව අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා.
මෙරට ආර්ථික ස්ථායිකරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ.
මෙරටට අනුමත වී ඇති විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ පසු විපරම සඳහා මොවුන් අද පෙරවරුවේ දිවයිනට පැමිණ අතර ඊට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප‍්‍රධානී පීටර් බෲවර් ඇතුළත්.