/
/
title icon
රිලවුන් චීනයට යවන්න මාතලේ අනුමැතිය.
රිලවුන් චීනයට යවන්න මාතලේ අනුමැතිය.
Editor
1 year ago
Share:
රිලවුන් චීනයට යවන්න මාතලේ අනුමැතිය.

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත යැවීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන්ට සහ වනජිවි අධ්‍යක්ෂ ජනරාල් ඇතුලූ පාර්ශවකරුවන්ට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ, ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම, අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා සිටියේ මෙම ක්‍රියාව සත්ත්ව හිංසා පනත මෙන්ම, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවයි.

එය සිදුවුවහොත් මෙරට පරිසර පද්ධතියට අගතියක් සිදුවන අතර, විශාල සත්ත්ව හිංසනයක් සිදුවන බවද ජනාධිපති නීතිඥවරයා ප‍්‍රකාශ කළා.

මේ අතර, මාතලේ උකුවෙල ප‍්‍රාදේශීය ලේකම්කාර්යාලයේ පැවති ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ජාතික ගැටලූවක්ව පවතින රිලවුන්ගේ ගහණය අඩු කිරීම සඳහා එම සතුන් චීනයට යැවීමේ වැඩපිළිවෙලට අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required