
පාසල් සිසුවියන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කරමින් ඒවා වීඩියෝ ගත කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කළුතර ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීතා හේමමාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලද නිර්දේශ මත ලබන 15 වනදා මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමටද අධිකරණය පොලිසියට අවසර ලබාදුන්නා.