
ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල ලබන සඳුදා සිට රුපියල් 200 කින් අඩු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර, මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 යි ශත තුනක් ලෙස දැක්වුණා.
එහි ගැණුම් මිල සටහන් වුණේ 306 යි ශත 38 ක් ලෙසයි. ඊයේ දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 322 යි ශත 70 ක් ලෙස සටහන් වුණා.
එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ‍්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධයෙන් සමීපව කටයුතු කිරීම මගින් දැනට ඇති කරගෙන ඇති එකඟතාවයන් වඩාත් සාර්ථක කරගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එසේම, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව මගින් සිදුවන්නේ රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත හැකි රුපියල් බිලියන 5,000 ක ණය සීමාව රුපියල් බිලියන 6,000 ක් දක්වා ඉහළ දැමීම පමණක් බවයි කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.