
රැකියාවට යමින් සිටියදී කැලෑබද ප‍්‍රදේශයකට ගෙන ගොස් ඝාතනය කර වලදමා තිබූ ගම්පොල – ඇල්පිටිය ප‍්‍රදේශයේ තරුණියගේ දේහය අද දහවල් ගොඩ ගැණුනා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු සිදුකළ පාපොච්චාරණයේදී අනාවරණ වූ තොරතුරු මතයි සිරුර සොයා ගැණුනේ.
22 හැවිරිදි අදාළ තරුණිය රැකියාවට යාම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබුණේ පසුගිය ඉරිදා වන අතර, සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු පාපොච්චාරණය කර තිබුණේ තමන් ඇය කැළෑබද ප‍්‍රදේශයකට රැගෙන ගොස් ඝාතනය කළ බවටයි.
ඇය අතවරයට ලක් කිරීමට උත්සාහ කළ නමුත් ඊට ඇය විරුද්ධ වීම හේතුවෙන් එලෙස ඇය ඝාතනය කළ බව ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත්, ඇයට ලිංගික අතවරයක් සිදුනොකළ බවයි සැකකරු පොලීසියට ප‍්‍රකාශ කර තිබුණේ.
සිද්ධිය වූ දින සැකකරු තරුණිය පසුපස ගමන් ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, ඒ ඔස්සේයි සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබුවේ.
සැකකරුගේ පාපොච්චාරණය අනුව තරුණිය ඝාතනය කර වළ දැමූ කියන ස්ථානය ආසන්නයේ තිබී ඇය පැළඳ සිටි පාවහන් යුගලයෙන් එකක් සහ වතුර බෝතලය ද සොයා ගැණුනා.
අද දහවල් ගම්පොල වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා එහි ස්ථානීය පරීක්ෂාව සිදුකළා. අනතුරුව, වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවේ සිරුර ගොඩගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා.