
කළුතරදී අභිරහස් ලෙස 16 හැවිරිදි පාසල් සිසුවියක් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ලැගුම්හල ඉදිකර ඇත්තේ නීතිවිරෝධීව බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව, ඊට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප‍්‍රසන්න රණංතුංග එම අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මීට පෙර අමාත්‍යවරයා විසින් අදාළ ලැඟුම්හලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවනු ලැබුවා.
අදාළ ගොඩනැගිල්ල ඉදි කිරීමේදී අනුමත උපරිම බිම් සැලැස්ම ඉක්මවා ඇති බවත්, ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූළ නොවීමත් සහ පිටුපස අවකාශය, අලෝකය සහ වාතාශ‍්‍රය සඳහා වන රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවත් අදාළ පරීක්ෂණ අදාළ වාර්තාවේ සඳහන්ව තිබුණා.
ඒ අනුවයි අදාළ ඉදිකිරීම නීතිවිරෝධී බවට තීරණය කර ඇත්තේ.