
අද පස්වරුවේත් දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලටත් මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර, මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති මොඛා චණ්ඩ සුළි කුණාටුව ඊයේ රාත‍්‍රිය වනවිට උතුරු අක්ෂාංශ 17.9 ත් නැගනෙහිර දේශාංශ 91 ආසන්නයේ කේන්ද්‍රගතවී පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් වනවිට ගිණිකොණදිග බංග්ලාදේශයට සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ පහත් විස්සත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 100 ත් අතර මුහුදු ප‍්‍රදේශයට යළි දැනුම්දෙන තුරු යාත‍්‍රා නොකළ යුතු බව නාවික සහ ධීවර ප‍්‍රජාවට දැනුම් දෙනවා.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, මුලතිව්, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.