
අද සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනපති නියමයෙන් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත්කර තිබෙනවා.
ඒ අනුව නව පත්කිරීම් අනිද්දා සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ මේ දක්වා කටයුතු කළා.