
බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන ලෙස ප‍්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වන ජෙරොම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා රටින් පිටවීම වළක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද නියෝගයක් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම දේවගැතිවරයා ඊයේ අලූයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර ජෙරොම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා, කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන අතර, ඔහුව මෙහෙයවන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවයි කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක, සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ.
කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
ජෙරම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා, ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප‍්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ද නියෝග කර තිබුණා.