
තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ ඊට අදාළ කරුණු දීර්ඝ ලෙස සළකා බැලීමෙන් අනතුරුවයි.
කුරුණෑගල පොලිසියේ නිලධාරීන් විසින් තමන්ව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මුදල් විශුද්ධිකරණය යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව පවසමින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.
මෙහිදී තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සාක්ෂි කිසිවක් අනාවරණ වී නොමැති බව ෂාෆි ෂිහාබ්දීන්ගේ නීතීඥවරයා කරුණු දක්වා සිටි අතර, විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ කියාසිටියේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී සති දෙකකින් පසු පෙත්සම්කරුගේ බැංකු ගිණුම මගින් විශාල මුදලක් හුවමාරු වී ඇති බවයි.
එබැවින් විමර්ශකයන් තුළ සාධාරණ සැකයක් මතුවීම සාධාරණ බැවින් අදාළ මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි විනිසුරුවරුන් දෙදෙනා සඳහන් කළේ.