
පසුගිය වසරේ මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ඇප මත මුදාහැර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන මෙන්ම හිටපු පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්නගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස අධිකරණය අද නියෝග කළා.
ඒ එම නඩුව කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
එම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමුකරන ලෙසත්, විදේශ ගමන් බලපත‍්‍ර මුදාහරින ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළා.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුව් 33 දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.