
රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශයට ලද තොරතුරකට අනුව ඩුබායි සිට මෙරටට එවන ලද බහාලූමක තිබී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යොදාගැනෙන ශීෂා නමැති උපකරණය සඳහා භාවිත කරන වාෂ්ප දුම් පාලනයට අවශ්‍ය හූකා තරලය අඩංගු අසුරණ තොගයක් සොයා ගෙන තිබෙනවා.
එහි ශුද්ධ බර කිලෝ 8000 ක් වන අතර ඒවා කුඩා පැකට්ටු එක්ලක්ෂ 60,200 ක් බහා තිබී ඇති බවයි රේගුව සදහන් කළේ.
මෙම හූකා අඩංගු පැකට් තොගෙහි වෙළදපොල වටිනාකම රුපියල් කෝටි 16 කට අධික වනවා. මෙරටට එවන ලද බහාලූම ව්‍යාජ සමාගමකට අයත් වන බවයි රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.