
ග‍්‍රහ අපළ දුරුකිරීමට බව කියා 13 හැවිරිදි පිරිමි ළමයෙකුගේ අත්ලේ කපුරු දල්වා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරවිල – උඩුවිල ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සිදුකරන එම හිමිනම මෙම ක‍්‍රියාව සිදුකර ඇත්තේ මෙම පිරිමි ළමයා මිත්තණිය සමඟ කේන්දරය බැලීම සඳහා අදාළ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.
පිළිස්සීමෙන් අත්ලට බරපතල තුවාල සිදුවූ ළමයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය සඳහන් කළා.