
වව්නියාව – චුන්නාක්කම් සහ මහරම්බකුලම් ප‍්‍රදේශවල පදිංචි දැරියන් හතර දෙනෙකු අපයෝජනයට ලක්කළ පියවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චුන්නාක්කම් ප‍්‍රදේශයේ නිවසේදී 6 හැවිරිදි සහ 11 හැවිරිදි දැරියන් දෙදෙනා ඔවුන්ගේ 47 හැවිරිදි පියා විසින් අපයෝජනයට ලක්කර තිබූ අතර මහරම්බකුලම් ප‍්‍රදේශයේ පදිංචි 04 සහ 09 හැවිරිදි දියණියන් දෙදෙනා අපයෝජනයට ලක්කර තිබුණේ ඔවුන්ගේ 30 හැවිරිදි පියා විසින්.
මේ අතර ළමයින් පැහැර ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් අක්මීමන පොලිස් ස්ථානය සිදුකළ බව කියන දැනුවත් කිරීමක් පිළිබදව එහි ස්ථානාධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සමාජ මාධ්‍යයේ පළවන අදාළ පැහැර ගැනීම් පිළිබද වාර්තාවන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවට ස්ථානාධිපතිවරයා සඳහන් කළ බවයි.