
මෙරට පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට සහ උපාධිධාරී ගුරුවරුන් කඩිනමින් බඳවාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදියි.
මෙරට පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳව සළකා බැලීම සඳහා පැවති එම සාකච්ඡුාවට අමාත්‍යාංශ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුලූ සියලූම මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියා.
එහිදී විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ 7,800 කට ගුරු පත්වීම් ලබාදීම ජූනි මස 15 වනදා සිදුකිරීමටද තීරණය කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක‍්‍රමානුකූලව යථා තත්වයට ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙසද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.