
ප‍්‍රවේශවීමට අපහසු ස්ථානවල මදුරු කීටයන් විනාශ කිරීම සඳහා මොස්කිටෝ ඩන්ක්ස් නැමති කැටයක් ආකාරයෙන් සකස් කළ රසායනිකය යොදාගැනීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එැවනි ප‍්‍රවේශය අපහසු ස්ථානවල මදුරු කීටයන් විනාශ කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදාගැනීම දැනටමත් සිදු කෙරුණද, ඊට අමතරව මෙම නව ක‍්‍රමවේදය භාවිත කිරීම සිදුකරන බවයි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල කියා සිටියේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 35,283 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් සියයට 50 ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
දිනකට රෝගින් 400 ට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගන්නා අතර, දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 370න් 39ක්ම අධි අවදානම් කොට්ඨාශ ලෙස හදුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කියා සිටියේ.
පසුගිය වසරේ ඩෙංගු මරණ 72 ක් මෙරටින් වාර්තා වුණා. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 23 ක්.
මේ අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප‍්‍රමාණයක් වත්තල, මීගමුව, කැළණිය, මහර, අත්තනගල්ල සහ ජාඇළ යන ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති බවයි ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල සඳහන් කළේ.
එමෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. උණ රෝහලට මේ දිනවල ඩෙංගු රෝගීන් ඇතුළත්වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ ද සඳහන් කළා.