
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ලබන 25 වනදා ගොඩගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඒ, ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍ය බව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පසුගියදා කළ ලිඛිත ඉල්ලීම අනුවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීමට නියමිත බැවින් ඒ අවට විශේෂ ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි.