
හම්බන්තොට – සුචී ගම්මාන ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 38 හැවිරිදි හම්බන්තොට – සිරිබෝපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ රාත‍්‍රි 9 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
වෙඩි තැබීම සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක‍්‍රියාත්මකයි.