
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඔහුට සහය පළ කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළා. උත්තර ලංකා සභාගය මෙන්ම නිදහස ජනතා සභාවද එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි ප‍්‍රකාශ කර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත‍්‍රය සකස් කළ බව අමාත්‍ය කංචන විජේසේකර පළමුව ප‍්‍රකාශ කළේ පසුගිය ජනවාරි 29 වනදායි. තමන් ඊට මුහුණදීමට ඉතා උනන්දුවෙන් සිටින බව සභාපතිවරයා එදිනම ප‍්‍රකාශ කළා.
මේ අතර අධිකරණ නියෝගයක් මත උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කොල්ලූපිටියේ කාර්යාලයට පොලිසිය මුද්‍රා තැබුවේ පෙබරවාරි 16 වනදායි.
එසේම මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු මාර්තු 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කළා.
එවන් මතවාදී ගැටළු මතුවූ තත්වයක් තුළයි ඔහු තනතුරෙන් ඉවත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. එය හෙට විවාදයට ගැනීමට පසුගිය 11 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.
2002 අංක 35 දරණ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත මෙම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉවත් කිරීම සඳහා නොපැමිණි මන්ත‍්‍රීවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් විසින් සම්මත කළ යෝජනාවක් අනුමත කරගත යුතුයි.
මේ අතර නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සඳහා ජූනි මස 20 වන දින දක්වා මහජන අදහස් විමසීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් දැනට ඉදිරිපත් කර ඇති සියයට 3 ක විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව සහ කොමිෂන් සභාව ඉදිරිපත් කරන විකල්ප යෝජනා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් මෙහිදී විමසනු ඇති.