
රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
‘‘නැගෙමු – පිබිදෙමු – යෙදෙමු – සුරැකිමු මිහිදු මාහිමි දෙසු දහම’’ යන්න තේමාකරගත් රාජ්‍ය පොසොන් උත්සවය මෙවර මිහින්තලය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
ඒ පිළිබඳව මීට පෙර සාකච්ඡා කිහිපයක් පැවති අතර, රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් වෙන්කර ඇති ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් පැවතියේ මතභේදාත්මක තත්ත්වයක්.
මේ අතර රජයේ ප‍්‍රතිපාදන ලැබෙන තුරු විදුලිය ලබා නොදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් මිහින්තලය රජමහා විහාරස්ථානය වෙත ලැබී ඇති බවද විහාරාධිපති හිමියන් සඳහන් කළා.
පවතින අර්බුදකාරි තත්ත්වය මත මිහින්තලය පුදබිමට පිවිසෙන මාර්ගයේ සවිකර තිබූ විදුලි බල්බද තාවකාලිකව ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.