
ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා ඔහුගේ සහෝදරයෙකුට හෙට දිනයේදී බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණෙන ලෙසට දැනුම් දෙන්නැයි අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ, දේහය ඔහුගේද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම සඳහායි. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ අද මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරේ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය හෙට උදෑසන 8 යි 30 ට ගොඩගැනීමට නියමිත අතර මේ වන විටත් මිහිදන් කළ ස්ථානය අවට ප‍්‍රදේශයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.