
පාර්ලිමේන්තු වරප‍්‍රසාද භාවිතකරමින් නීති විරෝධි ලෙස මෙරටට රත‍්‍රං රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබි‍්‍ර රහීම්ට එරෙහිව දැඩි පියවර ගතයුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 30 කට ආසන්න පිරිසක් කථානායකවරයාට යෝජනාවක් භාරදී තිබෙනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිළ, වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ ඇතුළු මන්ත‍්‍රීවරුන් රැසක් ඊට අත්සන් තබා ඇති බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහය අදාළ මන්ත‍්‍රීවරයා විසින් සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර ඇති බව ඔවුන් අදාළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.
පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවී මෙවැනි නීතිවිරෝධි ක‍්‍රියා තවදුරටත් සිදුනොකිරීමට එම මන්ත‍්‍රීවරයාට එරෙහිව අවශ්‍ය පියවර කඩිනමින් ගතයුතු බවටයි එම මන්ත‍්‍රීවරුන් යෝජනා කර ඇත්තේ.
මේ අතර පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සංවාදයට ලක්වුණා. එහිදී වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළේ රන් ප‍්‍රමාණය හා සැසදීමේදී මෑත කාලයේ නීතිවිරෝධිව මෙරටට රත‍්‍රං රැගෙන ආ පුද්ගලයෙකුට පැනවූ වැඩිම දඩ මුදල අදාළ මන්ත‍්‍රීවරයාට පනවා ඇති බවයි.