
මෙරට ආර්ථිකය ප‍්‍රකෘත්තිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහබැංකුව අඛණ්ඩව පියවර ගන්නා බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ‍්‍රී ලංකාවේ ආයෝජන ප‍්‍රවර්ධනය සහ ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධනය පිළිබඳ ජාතික කථිකාවතට කොළඹදී අද එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ.
එමෙන්ම පසුගිය කෙටිකාලය තුළ රජය සිදුකළ ප‍්‍රතිසංස්කරණ තුළ මෙරට ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි.
මේ අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 310 යි ශත 95 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 297 යි ශත 60 ක් ලෙස සටහන් වුණා.