
ඉදිරි මාසවල සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය වාණිජ සහ අලෙවි අංශයේ නිලධාරින් සමග ඊයේ පැවති සාකච්ඡුාවේදී මෙම තීරණය ගත් බවයි විෂය භාර අමාත්‍ය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර, ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළඳ සංකීර්ණය කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ සිංගප්පූරුවේ සුප‍්‍රකට වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සමූහයේ ප‍්‍රධාන විධායක කෙයිරා ෂෑන් සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දු වික‍්‍රම අතරයි.
වර්ග මීටර් 7000 ක ඉදිකිරීමට නියමිත තීරු බදු රහිත මෙම සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ල වර්ග මීටර් 1250 ක වපසරියකින් යුක්තයි.
මෙම වසරේ අවසාන කාර්තුවට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙහි ඉන්දීය සහ යුරෝපා වෙළඳපලට අයත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.