
පුත්තලමේ පාසලක ක‍්‍රීඩා හා විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද ඇප මත මුදා හැර තිබෙනවා.
එහිදී එක් සිසුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් නියම කළ මහේස්ත‍්‍රාත්වරයා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සෑම ඉරිදා දිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබෙනවා.
කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ද මහේස්ත‍්‍රාත්වරයා සිසුන්ට අවවාද කර තිබුණා.