
රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා ඇති බවයි.
පසුගිය 11 වනදා ආර්. රාජකුමාරි නම් කාන්තාවක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය සේවය කළ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්.
ඒ, අදාළ නිවසේ හිමිකාර කාන්තාව වන ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට නිෂ්පාදිකාවකගේ පැමිණිල්ලකට අනුවයි.
අත්අඩංගුවට ගත් දින රාත‍්‍රියේදී වැලිකඩ පොලිස් ස්ථානය තුළදී ඇය රෝගාතුර වී ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.
එහෙත් රෝහල් ගතකරන විටත් 42 හැවිරිදි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබුණා.