/
/
title icon
කටුනායක ප‍්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑනර්
කටුනායක ප‍්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑනර්
Editor
1 year ago
Share:
කටුනායක ප‍්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑනර්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප‍්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත‍්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අලි සබ්රි රහීම් රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමකින් යුත් රන් කිලෝ තුනහමාරකට ආසන්න ප‍්‍රමාණයක් සහ ජංගම දුරකතන 91 රැගෙන ඩුබායි සිට පැමිණි අවස්ථාවේදී පසුගියදා කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව මන්ත‍්‍රීවරයාගෙන් දීර්ඝ ප‍්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් පසු රුපියල් මිලියන 7යි දශම 5ක දඩයක් නියම කර මුදා හැරීමටයි පියවර ගැනුණේ.

මෙලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි මන්ත‍්‍රී වරප‍්‍රසාද භාවිත කර නීතිවිරෝධී ලෙස රත‍්‍රං සහ ජංගම දුරකථන රැගෙන ඒම දේශපාලන වේදිකාවේ ද දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති පසුබිමක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.

ගුවන් මගින් රැගෙන එන ගමන් මළු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන්තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර පැවතිය ද ප‍්‍රභූ මගී පර්යන්තයේ එවැනි අධි තාක්ෂණික යන්ත‍්‍රී නොමැති බව සඳහන්.

ප‍්‍රභූ පර්යන්තය හරහා නීතිවිරෝධී භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා, ශ‍්‍රී ලංකා රේගුවට දැනුම්දී ඇත්තේ විශේෂ මගීන් හා ප‍්‍රභූන් පිටවන පර්යන්තයේ ද අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර සවි කරන ලෙසයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලී සබ්රි රහීම් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා.

මෙවන් පසුබිමක් තුල අලි සබ්රි මන්ත‍්‍රීවරයා යළිත් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required