
වර්තමානයේ සම්බුදු සසුනට එල්ල වන බලපෑම් ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසනවා.
බණ්ඩාරගම – රේරුකාන ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, දිගින් දිගටම බුදු දහමට එල්ල වන අපහාස වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංඝනායක ශාස්ත‍්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
ජනාධිපතිවරයාට, අග‍්‍රාමාත්‍යවරයාට, නීතිපතිවරයාට, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද අදාළ ලිපියේ පිටපත් යොමුකර ඇති බව සඳහන්.
එමෙන්ම, මෝඩාභිමානය නමින් සංවිධානය කර තිබූ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව පිළිබද සොයා බලා විමර්ශන සිදුකරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.
එම වීඩියෝ පටයෙන් බුදුදහමට අගෞරවයක් සිදුවන බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එමෙන්ම, අල්ලසට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය ද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.