/
/
title icon
ඌරන්ටත් වසංගතයක්
ඌරන්ටත් වසංගතයක්
Editor
1 year ago
Share:
ඌරන්ටත් වසංගතයක්

දිවයින පුරා ඌරන් අතර, වසංගත රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ‍්‍රී ලංකා සත්ත්ව ප‍්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසනවා.

එහි සභාපති කුලරාජ් පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පී.ආර්.ආර්.එස්. නමැති රෝගය මෙලෙස ව්‍යාප්ත වන බවයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ මෙන්ම, යාපනය, කළුතර, මාතලේ, වහකෝට්ටේ, ගලේවෙල ආදී ප‍්‍රදේශ රැුසකින් මෙම රෝගය සහිත ඌරන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගය ව්‍යාප්ත වීමට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඌරුගොවිපලවල් හිමියන් විසින් අදාළ සත්ත්වයන්ට එන්නත් ලබා නොදීම බවයි.

පෙනහළු ආසාදනය වීම තුලින් මෙම ඌරන් විජලන තත්ත්වයට පත්වී අධික නියුමෝනියා තත්ත්වයෙන් මියයන බවයි ශ‍්‍රී ලංකා සත්ත්ව ප‍්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required