
වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් අනුවයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත්තේ.
මොහු විසින් වසරක පමණ කාලයක සිට වරින් වර මෙම දරුවා අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.