/
/
title icon
මෝඩාභිමානයේ නතාෂා රිමාන්ඩ්
මෝඩාභිමානයේ නතාෂා රිමාන්ඩ්
Editor
1 year ago
Share:
මෝඩාභිමානයේ නතාෂා රිමාන්ඩ්

මෝඩාභිමානය ” නැමැති ප්‍රහසන වැඩසටහනකදී  බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාලව කොළඹ , නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙරටින් පිටවීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය යන අය ලබන ජුනි මස 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

ඒ, සැකකාර කාන්තාව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට අද රාත්‍රියේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මෙම පැමිණිලි විමර්ශනය කරන අවස්ථාවේ රටින් පිටවීම තැත් කිරීමෙන් විමර්ශන වලට බාධා සිදු වීම, එම ප්‍රචාරණය හේතුවෙන් මහජන කැළඹීමක් සිදු විය හැකි බවට ඉදිරිපත් වූ කාරණා සැලකිල්ලට ගනිමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නතාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

බෞද්ධ කටයුතු පිලිබද කොමසාරිස් වරයා ගෙන් සහ භික්ෂූන් වහන්සේලා පහලොස් නමකගෙන් මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව සැකකාරිය ඉදිරිපත් කරමින් අධිකරණයට සඳහන් කළ රහස් පොලිසිය සැකකාරිය සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබද සම්මුති පනත යටතේ(ICCPR) සිදු කරන වරදක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව අධිකරණයට දන්වා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required