/
/
title icon
සා/පෙළ මධ්‍යස්ථාන 3,568 කදී ඇරඹේ.
සා/පෙළ මධ්‍යස්ථාන 3,568 කදී ඇරඹේ.
Editor
1 year ago
Share:
සා/පෙළ මධ්‍යස්ථාන 3,568 කදී ඇරඹේ.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද ආරම්භ වුණා.

එය ජුනි මස 08 වනදා දක්වා කි‍්‍රයාත්මකයි. ඒ සඳහා අපේක්ෂකයින් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

විභාග කටයුතු සම්බන්ධීකරණ සඳහා මධ්‍යස්ථාන 536 ක් පිහිටුවා ඇති අතර විභාග රාජකාරි සඳහා 35,000 ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා.

විභාග කටයුතු පෙරවරු 8යි 30ටයි ආරම්භ කෙරුණේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිිටියේ.

සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට සිසු සැරිය බස් සේවාව ක‍්‍රියාත්මකයි.

මේ අතර විභාගය පැවැත්වෙන දිනවල පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසු සිසුවියන්ට ප‍්‍රමුඛතාව ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණුු විජේරත්න පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required