
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ඉන්දියාව, ශ්රී ලංකාව වෙනුවෙන් කර ඇති බව ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසනවා.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ඉන්දීය සාගරයේ දූපත්, ගල්ෆ් රටවල් සහ ගිණිකොණ දිග ආසියාතික රටවල් සමඟ අසල්වැසි මිත‍්‍රත්වය වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මෙම අදහස් පළ කළේ, මෝදිගේ ඉන්දියාව – නැගී එන බලය යන මාතෘකාව යටතේ, ගුජරාටයේ – අහමදාබාද් හි ජාතික විශ්වවිද්‍යාලයක දේශනයකට එක්වෙමින්.
වර්තමානයේ තම රජය උත්සාහ කරන්නේ විශාල, බලපෑම් සහගත සහ සාර්ථක අරමුණු සහිත ඉන්දියාවක් සඳහා බවත් තම අසල්වැසියන් වෙනුවෙන් විය යුතු දේ පුළුල්ව කිරීමට උත්සාහ ගන්නා බවත් ඔහු එහි දී සඳහන් කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා සෞදි අරාබිය සමග පවතින සබඳතා දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇති අතර තම අසල්වැසි ප‍්‍රදේශ පිලිබඳ වඩාත් පුළුල් දෘෂ්ඨියකින් බැලීමත් සාම්ප‍්‍රදාය බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
පසුගිය වසරේ ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා ඉන්දියාව ශ්රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ සිදුකළ බවද ඔහු සඳහන් කළා.