
කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැරලෝහයක් වන ඊයම් ප‍්‍රතිශතය පිළිබඳව පරීක්ෂා කිරීම ලබන 1 වනදා සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන් සහ පළතුරුවල බැරලෝහ සහ ආසනික් විශාල ප‍්‍රමාණවලින් අඩංගු වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වුණා.
2021 – 2022 කාලය තුළ ක‍්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදීයි මේ බව හෙළි වී ඇත්තේ. ඒ අනුව බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමටත්, බැරලෝහයක් වන ඊයම් ප‍්‍රතිශතය පිළිබඳ පරික්ෂා කිරීමටත්, මෙලෙස අනිවාර්ය කර තිබෙනවා.
බැර ලෝහ හා ආසනික් මට්ටම් වැඩිපුර අඩංගු නැති ආහාර ද්‍රව්‍ය ආනයනයට පමණක් පියවර ගන්නා ලෙස අදාළ සමාගම්වලට සහ පුද්ගලයින්ට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධනගේ අත්සනින් යුතුව ලිපියක්ද නිකුත් කර තිබුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ 011 2 11 27 18 යන විශේෂිත දුරකථන අංකයට ඇමතීමෙන් වෙළඳ ප‍්‍රජාවට හා පාරිභෝගිකයින්ට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකියි.