/
/
title icon
කට්ටි පැන්න දඹුල්ලේ හිටපු නගරාධිපතිගේ සොහොයුරා අල්ලයි
කට්ටි පැන්න දඹුල්ලේ හිටපු නගරාධිපතිගේ සොහොයුරා අල්ලයි
Editor
1 year ago
Share:
කට්ටි පැන්න දඹුල්ලේ හිටපු නගරාධිපතිගේ සොහොයුරා අල්ලයි

12 හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ සොහොයුරෙකු වූ චන්න ප්‍රියන්ත ඕපාත ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ දඹුල්ල – තිත්තවැල්ගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචි, දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු ලෙස සේවය කළ අයෙක්.

පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී සැකකරු විසින් මෙම පිරිමි ළමයා අපයෝජනය කර ඇති බවට ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබුණා.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ කියා සිටියේ අදාළ පැමිණිලි දඹුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමුකිරීමෙන් අනතුරුව සැකකරු අද අත්අඩංගුවට ගත් බවයි.

මොහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඔහුගේ නිවසට දින කිහිපයක් ගොස් තිබූ අතර එම අවස්ථාවන්හිදී සැකකරු නිවසේ නොසිට පොලිසිය මගහරිමින් කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එසේම, ඔහු, සැඟව නොයමි. ඒ අභියෝගයට මුහුණ දීමට සූදානම් යනුවෙන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබුණා.

මේ අතර, 13 හැවිරිදි දැරියක අපයෝජනය කළ ඇයගේ සුළු පියාට බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඩුවමක් සහ රුපියල් 5000 ක දඩයක් මෙන්ම, රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස සිරදඩුවම් නියම වූයේ අගුණකොලපැලැස්ස ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පස්දරු පියෙකුටයි.

2008 වසරේ සිට අවස්ථා කිහිපයකදීම සැකකරු විසින් සිය දෙවන විවාහයේ බිරිදගේ මෙම දියණිය අපයෝජනයට ලක් කර ඇති අතර, පසුව ඇය සිදුකළ පැමිණිල්ලකට අනුවයි පොලීසිය විමර්ශන ආරම්භ කළේ. එහිදී අනාවරණ වී ඇත්තේ මව නිවසේ නොමැති අවස්ථාවලදී මෙම දැරියට පහරදෙමින් සැකකරු විසින් ඇය අපයෝජනය කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required