
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පළමු එක්දින තරග දෙක සදහා මෙවර ඉන්දීය ප‍්‍රීමීයර් ලීග් තරගාවලියේ ශුරතාව දිනාගත් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වු මතීෂ පතිරණ ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
එමෙන්ම, වසර දෙකකට පසුව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.
එම සංචිතයට නම් කර ඇති කුසල් ජනිත් පෙරේරා සහ වනිඳු හසරංග පළමු තරග දෙක සඳහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත ක‍්‍රීඩා කරනු ඇති බවයි ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ. නවක ක‍්‍රීඩක දුෂාන් හේමන්තද සංචිතයට ඇතුළත්.
ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරග දෙක ලබන මස 2 සහ 4 යන දිනවල සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.