
අද (31) මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 ක්.
කෙසේ වෙතත්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 20 කින් මිළ ඉහල යනු ඇති.
ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රුපියල් 385 ක් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10 කින් මිල ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 340 ක්.
ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අඩු කිරීමටයි පියවර ගැනෙන්නේ.
ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් වනු ඇති.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 270 ක්.