/
/
title icon
ජූලි අවසානයේ උද්ධමනය තනි අගයකට – මහ බැංකු අධිපති
ජූලි අවසානයේ උද්ධමනය තනි අගයකට – මහ බැංකු අධිපති
Editor
1 year ago
Share:
ජූලි අවසානයේ උද්ධමනය තනි අගයකට – මහ බැංකු අධිපති

ජූලි මාසය අවසන් වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ගෙන ඒම අපේක්ෂාව බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප‍්‍රකාශ කළා.

මාසික මුදල් ප‍්‍රතිපත්ති විවරණයට මහබැංකුවේදී අද එක්වෙමින් ඔහු කියා සිටියේ බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල අගෝස්තු හෝ සැප්තැම්බර් වන විට ගෙවා දැමීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවත් ශක්තිමත් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 283 යි ශත 87 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 297 යි ශත 23 ක් ලෙස දැක්වුණා.

ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය ප‍්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට තීරණය තීරණය කරනු ලැබුවා. ඒ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 13 දක්වා සහ සියයට 14 දක්වායි.

මෙරට ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වකට සහ වර්ධනයකට ඉදිරි කාලයේදී ලක්වනු ඇති බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර මහබැංකුවේ පොලී අනුපාත අඩුකිරීමත් සමග මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 02 යි දශම 05 කින් අඩුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required