/
/
title icon
දේවගැති “ජෙරම්ගේ” පෙත්සමට ඇල්ලේ හිමියන්ගෙන් අතරමැදි පෙත්සමක්
දේවගැති “ජෙරම්ගේ” පෙත්සමට ඇල්ලේ හිමියන්ගෙන් අතරමැදි පෙත්සමක්
Editor
1 year ago
Share:
දේවගැති “ජෙරම්ගේ” පෙත්සමට ඇල්ලේ හිමියන්ගෙන් අතරමැදි පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවට නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප‍්‍රතිඥාවක් ලබාදී තිබියදී එවැනි පෙත්සම ගොනු කර තිබෙන බවයි අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ.

ඉදිරිපත්වූ පැමිණිලි මත විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එබැවින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස සිය අතරමැදි පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, සිංහල රාවය ජාතික සංවිධානයේ ප‍්‍රචාරක ලේකම් ඇතුලූ පිරිසක් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය දෙකහමාරකට වැඩි කාලයක් ප‍්‍රකාශයක් ලබාදුන් අතර, පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

බුදුදහමට අපහාසාත්මක ප‍්‍රකාශයක් සිදුකල බව කියන ජයනි නතාෂා එදිරිසූරියට එරෙහි නඩුවේ විනිසුරු හට බලපෑම් සිදුකර ඇති බවයි එම පැමිණිල්ලෙන් ඔවුන් දක්වා ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required