/
/
title icon
අතිකාල නැවතූ ඛනිජ තෙල් සේවකයින්ට චාන්ස් එකක් – හෙට සහ අනිද්දාත් තෙල් බෙදන්න වැඩට එන්න කියයි
අතිකාල නැවතූ ඛනිජ තෙල් සේවකයින්ට චාන්ස් එකක් – හෙට සහ අනිද්දාත් තෙල් බෙදන්න වැඩට එන්න කියයි
Editor
1 year ago
Share:
අතිකාල නැවතූ ඛනිජ තෙල් සේවකයින්ට චාන්ස් එකක් – හෙට සහ අනිද්දාත් තෙල් බෙදන්න වැඩට එන්න කියයි

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ප‍්‍රමාණවත් තොග සැපයීම සදහා හෙට සහ අනිද්දා යන සති අන්ත දිනවලද ඉන්ධන බෙදා හැරීම් සිදු කරන ලෙස විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට ලබාදුන් බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
අතිකාල කප්පාදුව සහ රජයේ වියදම් සීමා කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ පසුගිය මාස 04 ක කාලය තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී සිදු කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ඉන්ධන මිල සංශෝධනයෙන් මිල අඩු කිරීමත් සමග පාරිභෝගිකයන්ගේ ඉන්ධන ඉල්ලූම ඉහළ යාම මෙන්ම, ඉන්ධන කෝටාව ඉහළ දැමීම සහ පිරවුම්හල් අවම තොග පවත්වා නොගැනීම මත ඇතැම් පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්වීටර් පණිවුඩය මගින් පෙන්වා දෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required