
මඩකලපුව බලා ධාවනය වීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගිය බිළිඳා තවත් වසර තුනක් පරිවාස අධීක්ෂණයට යටත් කරන ලෙස අධිකරණය නියෝග කළා.
ඒ, අද එම නඩුව කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
දරුවාගේ පෝෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිසි පරිදි සිදුවන්නේද යන්න නිරීක්ෂණය කළ යුතු බවද එහිදී මහේස්ත‍්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඇප මත මුදාහැර සිටින බිළිඳාගේ දෙමව්පියන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, මෙහිදී දරුවාගේ මව සහ පියා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය දැනුම්දුන්නේ මේ වනවිට එම යුවළ විවාහ වී ඇති බවයි.
එමෙන්ම, දරුවාගේ පියා රැකියාවක නිරතවෙමින් දරුවාගේ ආහාරපාන ඇතුළු අවශ්‍යතා සියල්ල ඉටු කරන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.