
දෛනිකව එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත‍්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක‍්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය පවසනවා.
ඒ, සුහුරුපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
එසේම, ඉදිරි සති දෙක තුල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මාර්ගගත ක‍්‍රමයට ඉල්ලූම් කරන විදේශ ගමන් බලපත‍්‍ර හදිසි ක‍්‍රමවේදය යටතේ දින 3 කදී කුරියර් සේවාවක් හරහා ලබාදීමටත්, සාමාන්‍ය ක‍්‍රමවේදය යටතේ සති දෙකක් තුළ තැපෑල හරහා ලබාදීමටත් පියවර ගන්නා බවයි ආගමන විගමන පාලක ජනරාල්වරයා කියා සිටියේ.
එමෙන්ම, විදේශ ගතව සිටින පුද්ගලයන්ට කල් ඉකුත් වන සිය විදේශ ගමන් බලපත‍්‍ර පහසුවෙන් ලබා ගැනීම සදහා ද ක‍්‍රමවේදයක් ක්‍රියාවට නංවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.