
හෙට වනවිට ප‍්‍රමාණවත් ඉන්ධන සියලූ පිරවුම්හල්වල පවතිනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම, අයි. ඕ.සී. සමාගම ද අඛන්ඩව ඉන්ධන බෙදා හරිමින් පවතින බවයි ඔහු සඳහන් කළේ. පිරවුම්හල් 121 ක් මැයි 27 වනදා සිට 31 දක්වා කාලය තුල කිසිදු ඇණවුමක් ලබාදී නොමැති බව ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
එසේම, බොහෝ පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට කටයුතු කර නැහැ. අමාත්‍යවරයා පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් සියයට 50 ක අවම තොගයක් පවත්වා ගැනීම අවශ්‍ය වන බවයි.
එම කොන්දේසි උල්ලංඝනය කර ඇති පිරවුම්හල්වල බලපත‍්‍ර සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට ද කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද පෙරවරුවේත් ටැංකි රථ 200 ක් පමණ බෙදා හැරීම් කටයුතු සදහා පිටත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.