
පුද්ගලයින් 261 දෙනෙකු මරණයට පත් කරමින් තවත් දහසකට පමණ තුවාල සිදුවූ ඔඩිෂා හි දුම්රිය අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණයට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පැමිණියා.
අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා තුවාල ලබා රෝහල් ගතව සිටින පිරිස් බැලීම සඳහා ද ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. දුම්රිය 3 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ රාත‍්‍රී 7 ට පමණයි.
ශාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වූ කොරමැන්ඩල් එක්ස්ප‍්‍රස් නම් දුම්රිය බලසෝර් හිදී පිලිපැනීමකට ලක්වීම හේතුවෙන් ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ග දෙක මතට පතිත වී තිබුණා.
එහිදී එක් මාර්ගයක එම අවස්ථාවේ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක් නවතා තිබී ඇති අතර, ඒ සමගම යෙස්වාන්ත්පූර් සිට හොව්රා දක්වා ධාවනය වෙමින් තිබූ හොව්රා සුපර්පාස් ෆාස්ට් එක්ස්ප‍්‍රස් දුම්රිය අනතුරට ලක්වී තිබූ දුම්රිය මැදිරිවල ගැටී ඇති බවයි ඉන්දීය වාර්තා ස`දහන් කළේ.